German Shepherd යනු මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය අතර වර්ධනයක් ඇති සුනඛ වර්ගයක් වේ. අන්තර්ජාතික සුනඛ සංගම් විසින් Working dog හා Herding dog යන ඛාන්ඩ යටතේ German Shepherd සුනඛයන් වර්ගීකරණය කර ඇත.

ස්වභාවය : විශ්වාසි, ධෛර්‍යවන්ත, බුද්ධිමත්

German Shepherd Dog


  • උස : පිරිමි 24 - 26 යි ගැහැණු 22 -24 යි (අඟල්)
  • බර : පිරිමි 30 - 40 යි ගැහැණු 22 - 32 යි (කිලෝ)
  • ආයු අපේක්ෂාව : 9 - 13 (අවුරුදු )

 

 බොහෝ කාලයක් ලංකාවේ අංක එකේ විදෙශිය සුනඛ වර්ගය ලෙස ඔටුනු පැළදි සුනඛ වර්ගය විදියට ජර්මන් ෂෙපර්ඩ් හදුන්වා දෙන්න පුළුවන්.  මෙයාලගේ තියෙන සුවිශේෂී හැකියාවන් නිසා  ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරා එක ලෙස ජනප්‍රියත්වයට පත්වෙන්න German Shepherd ලට හැකියාව ලැබුනා. හැබැයි ඒ ජර්මන් ෂෙපර්ඩ් කියන නමින් නම් නෙමෙයි. Alsatian / ඇල්සෙෂන් කියන නමින් තමයි මෑත කාලය වනතුරුම ජර්මන් ෂෙපර්ඩ්ලව ලෝකය අදුන ගත්තේ. ලංකාවේ නම් ඇල්ටේෂන් කියලා වැරදි උච්චාරණයකිනුයි මෙයාලව හැදින්වුයේ.

ඉතින් කොහොමද Alsatian / ඇල්සෙෂන්ලා German Shepherd ලා වුනේ. ඒක අපුරු කතාවක්. German Shepherd ලගේ හරි නම German Shepherd මයි. නමේම තියෙනවා වගේ මෙයාලගේ නිජභුමිය ජර්මනිය.  පළවෙනි ලෝක යුද්ධය නිසා එංගලන්තය ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක් ජර්මනිය එක්ක තරහා වුනා. නමුත් ජර්මනිය නිජභුමිය කරගත්ත අපුරු German Shepherd සුනඛයන් එක්ක තරහා වෙන්නනම් සුනඛ ප්‍රේමින්ට හැකියාවක් තිබ්බේ නෑ. ඉතින් අන්තර්ජාතික සුනඛ සංගම් විසින් German Shepherd ලගේ නම Alsatian / ඇල්සෙෂන් විදියට වෙනස් කරා. 1977 වර්ෂය වෙනකම්ම ලෝකය  German Shepherd ලාව හදුනගත්තේ Alsatian /ඇල්සෙෂන් කියන නමින්. 1977 දි තමයි සුනඛ සංගම් නැවතත් මෙයාලගේ නම  German Shepherd ලෙස වෙනස් කරේ.

ජර්මන් ෂෙපර්ඩ් කියන්නෙ ජර්මානු නායක ඇඩොල්ෆ් හිට්ලර්ගෙත් ප්‍රියථම සුනඛ වර්ගය. හිට්ලර් ජර්මනියේ නායකයා විමට ප්‍රථම ඔහුව කවුරුත් නොදන්නා ඔහු දිළින්දෙකු ලෙස දිවිගෙවු අවධියෙදිත් හිට්ලර් ගේ දුක සැප බෙදාගත් සුරතලා වුනේ German Shepherd සුනඛයෙක්. ජර්මානු නායකයා විමෙන් පසුවත් ඔහු විශාල වශයෙමන් ජර්මන් ශෙපර්ඩ් සුනඛයන් ඇතිදැඩි කර තිබෙනවා. කොටින්ම හිට්ලර් මියයන මොහොත දක්වා German Shepherd සුරතලෙක් ඔහු ළගින් සිටියා.



German Shepherd in 1900
මුල් යුගයේ ජර්මන් ෂෙපර්ඩ් සුනඛයෙක්


ඉතින් අපි ඉහතදිත් කිව්වා German Shepherd සුනඛයන් ලංකාවේ ජනප්‍රියම සුනඛ වර්ගය වෙලා හිටියා කියලා. නමුත් කාලයත් එක්ක ඒ තැන Labrador සුනඛයන් හිමිකරගෙන තිබෙන බව තමයි පෙන්න තියෙන්නෙ. German Shepherd ලා අධික ලෙස ජනප්‍රියවිමත් එක්ක සුලභව දකින්න ලැබිම නිසාම මෙයාලගේ ජනප්‍රියත්වය යම් තරමකින්  පහත වැටෙන්න හෙතුවුනා කියලයි My Baw Sri Lanka අපි විශ්වාස කරන්නෙ.  කොහොම නමුත් මෙයාලා අදටත් ලංකාවේ ජනප්‍රියම සුනඛ වර්ගයක්. ඒ වගෙම ඇමරිකානු සුනඛ සංගමයට අනුව අදටත්  ජනප්‍රියම සුනඛයන් අතර දෙවන ස්ථානයේ රැදී ඉන්න German Shepherd ලා සමත්වෙලා තියෙනවා.



පවුලේ සුනඛයෙක් විදියට German Shepherd කියන්නෙ ඔබේ අවධානය යොමුවෙන්නම ඔන සුනඛ වර්ගයක්. මොකද මෙයාලා All In One සුනඛ වර්ගයක් එහෙමත් නැත්තම් කෝකටත් තෛලය කියලා හදුන්වන්න පුළුවන් වර්ගයක්.  සුරතලයට, ආරක්ෂාවට වගෙම අනෙකුත් බොහෝ ක්‍රියාකරකම් වෙනුවෙන් මෙයාලා හොඳට ගැලපෙනවා. ජර්මන් ෂෙපර්ඩ් සුනඛයන්ගේ ස්භාවය සලකලා බැලුවොත්, මෙයාලා අණ ලබන්න, පිළිපදින්න ඉතාම කැමති සුනඛ වර්ගයක්. ඒ නිසාම පුහුණු සුනඛයෙක් ලබාගන්න ආස නමුත් සුනඛයන් පුහුණු කිරිම පිළිබඳ අත්දැකිම් නැති කෙනෙක්ට වුනත් German Shepherd ඉහළින්ම නිර්දේශ කරන්න පුළුවන්. මොකද මෙයාලව පුහුණු කරන එක ඉතාම ලේසියි. 

ඒ වගෙම පවුලේ හැමොටම ආදරය සෙනෙහස ලබාදෙමින් එයාලගේ ආරක්ෂාව වෙනුවෙන් නිරතුරුවම ඇපකැප වුන  සුනඛ වර්ගයක් තමයි German Shepherd කියන්නෙ. ඉතින් ඔබගේ දේපළ හා ලබැදියන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් ජර්මන් ෂෙපර්ඩ් කියන්නෙ හොඳ ආයෝජනයක් කියලා කියන්න පුළුවන්.. ලොකය පුරා මෙයාලව පොලිස් නිළ සුනඛයෙක් විදියටත් බහුලව භාවිතා කරනවා ඔබ දැකලා ඇති.

German Shepherd ලා හරිම ක්‍රියාශීලියි. කඩිසරයි.  ඒ වගෙම නිර්භීත හා ධෛර්යය සම්පන්න සුනඛ වර්ගයක්. බුද්ධියෙන් ඉහළයි. තම ස්වාමියාට ඉතාමත් පක්ෂපාතීයි. ආදරණියයි.  ඉතින් දැන් තෙරෙනවනේ ඇයි මෙයාලට කෝකටත් තෛලය කිව්වෙ කියලා. ඔබේ අවශ්‍යතාව කුමක් වුනත් ජර්මන් ෂෙපර්ඩ්ලා ඒකට ගැලපෙනවා.

අන්න ඒ නිසාම ලොකයේ German Shepherd ලව  යොදවන වැඩ කියලා නිමකරන්න බෑ. මුර බල්ලන් විදියට, අබාධිතයන්ගේ සහායක සුනඛයෙක් ලෙස, ගිණි නිවීම් හා මුදාගැනිම් අංශවලට සහයක සුනඛයෙක් ලෙස, පොලිස් නිළ සුනඛයෙක් ලෙස, හමුදා සුනඛයෙක් ලෙස වගේම ගොවිපොළ සතුන් හැසිරවිමටත් ජර්මන් ෂෙපර්ඩ් ලව යොදාගන්නවා.

අනෙකුත් සෑම සුනඛ වර්ගයකට වගේම German Shepherd ලටත් කුඩා කාලයේම යම් පුහුණුවිමක් ලබාදිම වගෙම සමාජශිලිව හදන එක හොඳයි. එහෙම නැති වුනොත් ඔබේ අමුත්තන්ට පහරදෙන්න මෙයාලා පෙළඹෙන්න පුළුවන්. Herding dog (එඩේර සුනඛයන්) වර්ගයක් නිසාම අනෙකුත් සුරතලුන්/සතුන් සමග කිසිම ප්‍රශ්ණයක් නැතුව German Shepherd ලව හදන්න පුළුවන් කම තියෙනවා.

තවත් මෙයාලා ගැන විශෙෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි, ඔබ දැකලා ඇති ලංකාවේ Lion Shepherd ( ලයන් ෂෙපර්ඩ් ) කියලා වර්ගයක සුනඛයන් විකිණිමට දැන්විම් පළකරලා තියෙනවා. නමුත් ඇත්තටම එහෙම ලයන් ෂෙපර්ඩ් කියලා සුනඛ වර්ගයක් ලෝකයේ කොහෙවත් නෑ.  Lion Shepherd කියලා ලංකාවේ හදුන්වන්නෙ ලෝම දිගින් වැඩි German Shepherd සුනඛයන්වමයි. මෙයාලත් සාමන්‍යය German Shepherd සුනඛයන්ම තමයි. වෙළද උපක්‍රමයක් ලෙස හදාගත්ත මිත්‍යා මතයක් තමයි මේ Lion Shepherd කියන්නෙ.



Lion Shepherd
දිගු ලෝම සහිත German Shepherd සුනඛයෙක්



  • ඉතිහාසය :
German Shepherd සුනඛයන්ගේ ඉතිහාසය  1899 වර්ෂයට පමණ දිවයනවා. බැටළුවන් පාලනය කිරිමටත්, විලෝපිකයන්ගෙන් ආරක්ෂා කිරිමත් තමයි මුල් යුගයේ ජර්මන් ෂෙපර්ඩ් සුනඛයන්ගේ රාජකාරිය වුනේ.  කෙසේ වෙතත් ඒ යුගයේ සුනඛයන්ගේ පෙනුම වර්තමානයට වඩා මද වශයෙන් වෙනස්කම් දකින්න පුළුවන්.

  • අංග ලක්ෂණ :
ශරිරය  තරමක් දිගින් වැඩිය  දිගු ලොම් සහිත හෝ කෙටි ලොම් සහිත වේ. වෘක මුහුණ, ශක්තිමත් හනු, කන් තරමක් විශාලය. උල් ස්භාවයක් ගනි. සිරස්ව පිහිටා ඇත.

  • වර්ණ :
ටෑන් සහ කළු, තනි කළු සුනඛයන් වඩාත් සුලභව දැකිය හැකි වේ. මිට අමතරව, අළු, රිදි සහ කළු, රතු සහ කළු, තනි සුදු ආදි වර්ණ දැකිය හැකිවේ.

  • පුහුණු කිරිම :
ඉතා පහසුවෙන්ම පුහුණු කළ හැකි සුනඛ වර්ගයකි.

  • ව්‍යායාම :
ඉතා ක්‍රියාශීලි සුනඛ වර්ගයක් හෙයින් ව්‍යායාම ඉතා අත්‍යවශ්‍යය වේ.  දිනපතා ලබාදියයුතුයි.

ප්‍රශ්ණ සහ පිළිතුරු (Questions And Answers)


Q.කුඩා දරුවන් සමග  Pomeranian සුනඛයන් ඇතිකළැ හැකිද?

A . ඔව්. කුඩා දරුවන් සමග හොඳින් හැසිරේ. නමුත් සුරතල් සතුන් ගැන අවබෝධයක් නොමැති වයසක දරුවෙක් නම් ඔබගේ අධික්ෂණය යටතේ පමණක් දරුවාට සුරතලා හා හැසිරිමට ඉඩදිය යුතුය.

Q. German Shepherd සුනඛයන් අනෙකුත් සුරතලුන් සමඟ ඇතිකළ හැකිද?

A. ඔව්. ඔනම සතෙක් සමග ඉතා හොඳින් ඇතිකළ හැකියි.

Q. German Shepherd සුරතලෙක් වඩාත් ගැලපෙන්නෙ කාටද?

A . ඔනැම අයෙක්ට

Q. German Shepherd ලා හදන්න ලොකු වියදමක් යනවද?

A. දෙශිය සුනඛයන්ට වඩා වැඩි සහ පොෂදායි ආහර ප්‍රමාණයක් අවශ්‍යයි. ලෝම කබාය කෙරෙහි සැලකිල්ලක් දැක්විම අවශ්‍යය වේ.අනෙකුත් වියදම් සාමන්‍යයි. රෝගාතුර අවස්තාවකදි යම් වියදමක් දැරිය යුතුවේ.