කොහොමද හරියටම ගැලපෙන සුනඛයෙක් තෝරගන්නෙ?


ගෙදරට අළුතෙන් බලු පැටියෙක් ගේනවා කියන්නෙ ගෙදරට තවත් අළුත් සාමජිකයෙක් එකතුවෙනවා කියන එක.  මේ අළුත් සාමජිකයා    ඔබට, ඔබේ ජිවිතයට, ඔබේ පවුලට හරියටම ගැලපෙන කෙනෙක් විම අනිවාර්යයි. ඉතින් එහෙම ගෙන සුරතලා ඔබට හරියටම ගැලපෙන්න නම් ඔබ  තොරාගන්න සුනඛ වර්ගය ඔබේ අවශ්‍යතාවට ගැලපෙන විදියේ සුනඛ වර්ගයක් විය යුතුයි.  එහෙම නැතුව යාළුවෝ කියන නිසා,රුපවාහිනියෙන් නැත්තම් අන්තර්ජාලයෙන් දැකලා ඔබේ සිත්ගත්ත පමණින් සුනඛ වර්ග තොරගන්න ගියොත් නම් සමහරවිට ඔබත් සුරතලත් දෙන්නම ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්.

සුනඛයෙක් තොරගද්දි බලන්න ඕන පළවෙනි දේ තමයි.. ඔබ සුනඛයෙක් හදන්න හේතුව මොකක්ද කියන එක.
එහෙම තියෙන්න පුළුවන් හේතු කිහිපයක් පහළ තියෙනවා. අදාළ හෙතුව උඩ ක්ලික් කිරිමෙන් ඒ ඒ අවශ්‍යතාවන්ට ගැලපෙන්නෙ මොන වගේ සුනඛයන්ද කියලා My Baw Sri Lanka වෙතින් ඔබට බලාගන්න පුළුවන්.

 ආරක්ෂාව වෙනුවෙන්
 ඔබේ වතුපිටිවල ආරක්ෂාව වෙනුවෙන්
 ආදරය වෙනුවෙන්
වයොවෘධ දෙමව්පියන්ගේ තනියට
දරුවට මිතුරෙකු විදියට
ආරක්ෂාවට හා ආදරයට

ඉතින් සුරතල් සුනඛයෙක් ඇති කිරිමට ඔන්න ඔය වගේ විවිධ හේතු තියෙනවා. හැම අවශ්‍යතාවටම හැම සුනඛයාම හරියන්නෙ නෑ. උදාහරණයකට කොච්චර ආදරණිය වුනත් ප්‍රමාණයෙන් විශාල, දැවැන්ත සුරතලෙක් වයොවෘධ දෙමව්පියන්ගේ  තනි නොතනියට තියන්න හරි යන්නෙ නැහැනේ. ඔවුන්‍ට පාලනය කරගන්න පුළුවන් ප්‍රමාණයෙ සුරතලෙක් විය යුතුයි. එතනදිත් මුලික අවශ්‍යතාවට අමතරව තවත් අවශ්‍යතා තිබිය හැකියි. උදාහරණයකට දෙමව්පියන්ගේ තනියට කුඩා සුරතලෙක් හොයනවනම් සුරතලය පමණක් බලාපොරොත්තුවෙන් සුරතලෙක් හොයනවද එහෙමත් නැත්තම් ආදරය වගෙම සොරෙක් සතුරෙක් ආවොත් බුරලා අනතුරු අගවන සුරතලෙක් ඔනද අදි ලෙස මේ අවශ්‍යතා විවිධාකාර වෙන්න පුළුවන්.  ඉතින් ඉහත ලින්ක් මත ක්ලික් කරලා ඒ ඒ අවශ්‍යතාවන්ට ගැලපෙන සුනඛයන් My Baw හරහා පහසුවෙන් හොයාගන්න ඔබට පුළුවන්.  අපි සදහන් කරලා තියෙන අවශ්‍යතාවලට අමතර වෙනත් අවශ්‍යතා ඔබට තියෙනවනම්, එහෙමත් නැත්තම් හරියටම හරියන සුරතලෙක් තොරාගැනිම ගැන වෙනත් ගැටළු තියෙනවා නම් අපේ My Baw Facebook Page එකට මැසෙජ් 1ක් දාන්න. අපිට පුළුවන් උපරිමයෙන්  අපි ඔබට සහය වෙන්නම්.

හැකියාව : හරි දැන් අපි අපේ අවශ්‍යතා මොනවද කියලා තොරගත්තනේ.  සුනඛයෙක් තොරගත්දි අපි ඊළගට බලන්න ඕන සුනඛයාගේ අවශ්‍යතා මොනවද කියන එක. අපේ අවශ්‍යතාවන්ට සුනඛයා ගැලපෙනවා වගේම සුනඛයාගෙ අවශ්‍යතාවන් අපිට සම්පුර්ණ කරන්න පුළුවන් විදියේ වර්ගයක් තොරාගැනිමත් වැදගත්. උදාහරණයකට ඉතාම කාර්‍යබහුල ජිවිතයක් ගතකරන කෙනෙක්ට අධිකව ව්‍යායාම අවශ්‍යය සුනඛ වර්ග ගැලපෙන්නෙ නෑ. මොකද ඒ වෙනුවෙන් යොදවන්න කාලයක් එවැනි කෙනෙක්ට නැති නිසා. 

ඉතින් මෙතනදි අපි අපේ හැකියාවන් මොනවද කියලා බලලා ඊට අනුකුල වෙන සුනඛ වර්ගයක් තොරාගත යුතුයි. 

ඒ නිසා අපි..

වියදම : අපිට සුනඛයාගේ අවශ්‍යතාවන් වෙනුවෙන්  මාසයකට කොපමණ මුදලක් වියදම් කල හැකිද යන්න සලකා අපට වියදම් කල හැකි මුදලට සමාන මුදලකින් නඩත්තු කළ හැකි වර්ගයක් තොරාගැනිම
කාලය :  සුරතලා සදහා අපිට දිනකට කොතරම් වේලාවක් වෙන්කල හැකිද යන්න සලකා ඊට අනුකුල වර්ගයක් තොරාගත යුතුයි. අධිකව ව්‍යායම් අවශ්‍යය වර්ග සදහා දිනපතා ව්‍යායාම සදහා කාලය වැයකල යුතුයි. එමෙන්ම නිතර ආදරය අවධානය අවශ්‍යය වර්ග නිතර නිවසේ නොරැදෙන කාර්‍යබහුල අයට ගැලපෙන්නෙ නෑ.

ඉඩකඩ : මෙතනදි ඔබේ නිවසේ සහ ඉඩමේ ඉඩ ප්‍රමාණය සලකා සලකා බලා ඊට අනුකුල වර්ගයක් තොරාගත යුතුයි. උදාහරණයකට නගරබදව කුඩා ඉඩකඩක ජිවත්වන අයෙක්ට විශාල ප්‍රමාණයේ සුනඛයන් ගැලපෙන්නෙ නෑ. ඒ වගෙම මධ්‍යම ප්‍රමාණයේ වුනත් අධි ක්‍රියාශිලි සුනඛයන් කුඩා ඉඩකඩකට ගැලපෙන්නෙ නෑ. නමුත් එතරම් ව්‍යායාම අවශ්‍යය නොවන, දිනපතා සුළු වේලාවක් හෝ එළියේ ඇවිදිමට ගෙන යා හැකිනම් කුඩා ඉඩක වුවත් ඇතිකළ හැකි ප්‍රමාණයෙන් විශාල වර්ගත් ඉන්නවා. ඉතින් මෙතනදි ශරිර ප්‍රමාණයෙන් නොවෙයි ඒ ඒ වර්ගවල ගති ස්භාවය අනුවයි ඔබේ නිවසේ ප්‍රමාණයට ගැලපෙන සුන්ඛ වර්ගයක් තොරාගත යුත්තේ. 

අනෙකුත් :  ඊළගට අපිට බලන්න පුළුවන් ඒ ඒ වර්ගයේ සුනඛයන්ගේ චරිත ස්භාවය කොහොමද, ඒ අනුව අපිට ගැලපෙන්නෙ කුමන වර්ගද කියලා. උදාහරණයකට සමහරෙක් දගකාර ක්‍රියාශීලි සුනඛයන්ට කැමති අතර සමහරෙක් අකමැතියි. ඔවුන් කැමතියි වැඩිය දගලන්නෙ නැතුව පාඩුවේ ඉන්න සුනඛයෙක්ට. ඒ වගෙම ශබ්ධයට අකමැති හෝ මිත්‍රශීලී නොවන අසල්වැසියන් ඉන්න කෙනෙක්ට නිතර බිරීමට පෙළඹෙන සුනඛ වර්ග ගැලපෙන්නෙ නෑ. ඉතින් මේ අනුවත් ඔබට ගැලපෙන්න සුනඛ වර්ගය තොරගන්න පුළුවන්..

ඊළගට සතාගේ එක එහෙමත් නැත්තම්  ලෝම කබායේ ස්වභාවය  අනුවත් ඔබට ගැලපෙන සුරතලෙක් තොරගන්න පුළුවන්. දිගුලෝම තියෙන සුනඛයන්ගේ ලෝම පීරීමට සිදුවිම සමහරෙක්ට කරදරයක් වෙන්න පුළුවන්.ඒ වගෙම සුනඛයන්ගේ කාලයකට ලෝම යම් ප්‍රමාණයක් හැලියන නිසා දිගුලොම සහිත සුනඛයන් සමහරෙක්ට කරදරයක් කියලා හිතෙන්න පුළුවන්.  එවැනි අයට කෙටි ලොම සහිත සුනඛයන් ගැලපෙනවා.

හොඳයි වැදගත්ම කොටස අන්තිමට කතා කරන්න තියාගත්‍තා. ඉහතදි අපි කතා කරේ ඔබට ගැලපෙන සුනඛයෙක් තොරගන්නේ කොහොමද කියලා. හැබැයි ඊටත් කලින් ඉස්සෙල්ලම සලකා බලන්න ඔන දේ තමයි සුනඛයෙක් ඇති කරන්න ඔබ ගැලපෙනවද කියන එක.

සරලයි වගේ පෙනුනනට සුනඛ සුරතලෙක් ඇතිකරද්දි අපිට යම් කැපකිරිමක් කරන්න වෙනවා. එයා වෙනුවෙන් කාලය වැය කරන්න වෙනවා. මුදල් වියදම් කරන්න වෙනවා. ලෙඩ වුනාම බෙහෙත් අරන් දෙන්න වෙනවා. ඉතින් ඒ දේවල්වලට ඔබ ලැස්තිද කියලා හොඳට හිතලා බලලා මේ තිරණය ගන්න ඔන. ඒ වගෙම ඔනම සසුරතලෙක් ඇති කරද්දි විශෙෂයෙන් කුඩා කාලයෙදි නිවස තුළ මළපහා කිරිම, නිවසේ බඩු මුට්ටු හපා විනාශ කිරිම වගේ කරදරවලටත් අපට මුහුණ දෙන්න වෙනවා.  හැබැයි ඉතින් My Baw Website එකේ අපි කියලා දෙන Tips භාවිතා කරලා එවා බොහොදුරට අවම කරගන්න පුළුවන්. නමුත් කොතරම් පුහුණු කරත් ඉදලා හිටලා හෝ එයාලා මේ වගේ නෝටි වැඩ කිරිමේ අවදානමක් නැතුවම නෙමෙයි. විශෙෂයෙන් කුඩා කාලයෙදි. ඉතින් ඒවා දරාගන්න අවශ්‍යය ඉවසිම ඔබට තියෙනවද කියලත් සලකා බලන්නම ඕන.

ඊළගට අපිට ඔබට දෙන්න තියෙන උපදෙශය සහ ඉල්ලිම තමයි.. පැය 24ම කුඩු කරලා, බැදලා තියන්න නම් කවදාවත් සුනඛ සුරතලෙක් ගන්න එපා. සුනඛ සුරතලා කියන්නෙ ඔබේ පවුලෙම සාමජිකයෙක් කියලා මතක තියාගෙන අවශ්‍යය තරම් නිදහස, ව්‍යායාම, ආදරය ලබාදිලා හදන්න කියලා අපි බොහොම ආදරයෙන් ඉල්ලනවා. ඒ වගෙම නිසියාකාරව පුහුණු කරොත්  බැදලා, කුඩු කරලා හැදිමේ අවශ්‍යතාවක් නැ. 

පුහුණුව මගින් ඉතාම කීකරු  විනයගරුක පොලිස් නිළ සුනඛයෙක් වැනි සුරතලෙක් ලබාගන්න ඔබටත් පුළුවන්.    ඔබ සුනඛයන් පුහුණුව ගැන කිසිම අවබොධයක් නැති කෙනෙක් වුනත් My Baw App එක හරහා ලෙසියෙන්ම ඔබේ සුරතලාව ඔබටම පුහුණු කරන්න පුළුවන්. අවශ්‍යය හැම උපදෙසක්ම මේ වගේම සරලව, සිංහලෙන් My Baw App හරහා ඔබට සපයනවා. කෙටි Video මගිනුත් අවශ්‍යය උපදෙස්, අභ්‍යාස සරලව පැහැදිලි කරන නිසා තවදුරටත් සුරතලාව පුහුණු කරන්න විශාල මුදලක්,කාලයක් වියදම් කරලා සුනඛ පුහුණුකරුවෙක් වෙතටම යැමේ අවශ්‍යතාවක් නෑ. පහත Link එකෙන් My Baw Android App එක Google Play Store වෙතින්  ඩවුන්ලොඩ් කරගන්න පුළුවන්.

හොඳයි අපි මේ ලිපියෙන් කතා කරේ  ඔබට හරියටම ගැලපෙන සුනඛ වර්ගය තොරගන්න ආකාරය. ඉතින් ඉහත අපි ලබාදිලා තියෙන Link හරහා ගිහින් ඔබේ අවශ්‍යතාවන්ට සරිලන සුනඛ වර්ග මොනවද කියලා ඔබට බලන්න පුළුවන්. එහෙමත් නැත්‍තම් menu bar එකෙන් Dog Breeds මත ක්ලික් කරාම දැනට අන්තර්ජාතික සුනඛ සංගම් පිළිගන්නා සුනඛ වර්ග 360 න් වැඩි ප්‍රමාණයක තොරතුරු ඔබට බලන්න පුළුවන්. ඉතිරි වර්ග පිළිබදව තොරතුරුත් විසින්  නිතරම යාවත්කාලීන කරන අතර ලොකයේ සියළුම සුනඛ වර්ගවල තොරතුරු සිංහල භාෂාවෙන් ඔබවෙත ගෙන ඒම තමයි අපේ අරමුණ. ඉතින් වරිගේ | Dog Breeds මත ක්ලික් කරොත් ඔබ කැමති සුනඛ වර්ග පිළිබදව  සියළුම තොරතුරු බලාගන්න පුළුවන් නිසා ඔබට පුළුවන් අපි මේ ලිපියේ කතාකරපු තොරතුරු අනුව ඔබට හරියටම ගැලපෙන සුනඛ වර්ගය තොරගන්න.

ඔබ එහෙම වර්ගයක් තොරගත්තනම්, අළුතෙන් බලු පැටියෙක් මිලදි ගද්දි අනිවාර්යයෙන්ම සලකලා බලන්න ඔන දේවල් මොනවද? දැනන් ඉන්න ඔන දේවල් මොනවද? වගෙම තවත් තොරතුරු පහළ Link එක මත ක්ලික් කරලා බලාගන්න පුළුවන් 

අළුතෙන් බලු පැටවෙකු මිලදි ගැනිම