Pomeranian යනු කුඩා ප්‍රමාණයේ ගෘහස්ථ සුනඛ වර්ගයක්. මධ්‍යම යුරෝපයේ පෝලන්තය හා ජර්මනිය නිජබිම කරගත් පොමරේනියන් සුනඛයන් Toy Dog යටතේ අන්තර්ජාතික සුනඛ සංගම් (Kennel Club) විසින් වර්ගිකරණය කර තිබෙනවා.
ස්වභාවය : විමසිලිමත්, නිර්භීත, ක්‍රියාශීලී
උස: 7-12 (අඟල්)
බර: 1.4 - 3.2 kg (කිලෝ)
ආයු අපෙක්ෂාව: 12-16 (අවුරුදු)
ලෝකයේ
වාඩත්ම ජනප්‍රිය Toy සුනඛ වර්ගයක් වන Pomeranian සුනඛයින් බොහෝ කාලයක්
රාජකියන් අතර පවා ඉතා ජනප්‍රිය සුනඛ වර්ගයක් වුනා. ඒ වගෙම ලංකාවේ
ජනප්‍රියම විදෙස් සුනඛ වර්ගය ලෙස දශක කිහිපයක් කිරුළු පළදින්නට Pomeranian
ලා සමත් වුනා කිව්වොත් නිවැරදියි. කොතරම් ජනප්‍රිය වුනාද කියනවනම් දේශීය
සුනඛයන් තරමට පොමරෙනියන්ලා දැකගන්න පුළුවන් වෙන තරමටම මෙයාලා ලංකාවේ සුලබ
වුනා. පසුකාලිනව ලංකාවේ Pomeranian ලාගේ ජනප්‍රියත්වය මඳක් අඩු වෙන්නත් මේ
සුලබවිම හෙතුවුනා කියලයි My Baw Sri Lanka අපේ අදහස.
කොහොම
වුනත් Pomeranian අදටත් ලොකයේ ඉතාම ජනප්‍රියම සුනඛ වර්ගයක්. සියළුම
වර්ගයේ සුන්ඛයන් අතරින් ලොව ජනප්‍රියතම සුනඛ වර්ග ලැයිතුවේ 23 වන ස්ථානය
මෙයාලා හිමිකරගෙන තියෙනවා.
Pomeranian
කියන්නේ පහසුවෙන් පුහුණු කරන්න පුළුවන් ක්‍රියාශීලි සුනඛ වර්ගයක්. ඒ වගෙම
ලෙඩ රෝග අඩු සෞඛ්‍ය සම්පන්න වර්ගයක් විදියටත් මෙයාලව නම් කරන්න පුළුවන්.
ශරිරයෙන් පුංචි වුනාට Pomeranian ලා තමන්ගේ සයිස් එකේ තරමට වඩා තමන් ගැන හිතන් ඉන්න, තරමට වඩා වැඩ පෙන්වන්න හදන වර්ගයක්.
හැබයි ඉතින් පොඩියට පොඩියේ ඉදගෙන පණ්ඩිතකම් පෙන්නද්දි මෙයාල ගැන ආදරේ නොහිතෙන කෙනෙක් නෑ.
සෙල්ලම්
බඩුවක් වගේ ලස්සනට, අහිංසක පාටට හිටියට මෙයාලා අමුතන්ට නම් වස නපුරෝ.
ආගන්තුකයන්ව හපන්න වුනත් මෙයාලා පෙළඹෙන අවස්ථා තියෙනවා. නමුත් සමාජශිලි
කරලා හැදුවොත් ඒ ගතිය මගහරවන්න පුළුවන්. ඒ වගෙම ආගන්තුක සුනඛයන් එක්ක
රණ්ඩුවට පෙළඹෙන ස්වභාවයක් මෙයාලා පෙන්නුම් කරනවා. බිරිමට ඉතාම කැමති සුනඛ
වර්ගයක් විදියටත් මෙයාලව හදුන්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා වැඩිය ශබ්ධවලට
කැමති නැති කෙනෙක්ට නම් මෙයාලව නිර්දෙශ කරන්න අමාරුයි. නමුත් මෙයාලා
බුරන්න පෙළඹෙන්නෙ ආගන්තුකයන්, ආගන්තුක සුනඛයන් සහ බාහිර ශබ්ධවලට නිසා බුරන
එකෙන් එච්චරම කරදරයක් වෙන එකක් නෑ.
ශරිරයෙන්
කුඩා සුනඛ වර්ගයක් නිසා Pomeranian ලා කියන්නෙ හොර හතුරොන්ට පහරදිලා මෙල්ල
කරන්න පුළුවන් (Guard Dog/ආරක්ෂක සුනඛයන් වර්ගයක්) නම් නෙමෙයි. හැබැයි
මෙයාලා වටපිටාව ගැන ඉතාම හොඳ අවධානයෙන් ඉන්න සුනඛ වර්ගයක්. ඉතින් පොඩි
පුහුණුවකින් මෙයාලව Watchdog (මුර බල්ලන්) කෙනෙක් විදියට වුනත් භාවිතා
කරන්න පුළුවන්. පුහුණු නොකළත් මෙයාලා ස්වෙච්ඡාවෙන්ම ඒ වැඩෙට පෙළඹෙන
ස්වභාවයක් තියෙනවා. හොරෙක් ආවත් මෙයාලා ඉක්මණට ක්‍රියාත්මක වෙලා බුරාගෙන
පනින නිසා ඔබට පුළුවන් ඉක්මණින් ක්‍රියාත්මක වෙලා හොරාව මෙල්ල කරන්න හෝ
පළවා හැරලා ඔබගේ දෙපළ රැකගන්න. Pomeranian කියන්නෙ පුංචි වුනත් නිර්භීත
සුනඛ වර්ගයක් කියලත් විශෙෂයෙන් සදහන් කරන්න ඕන.
ත්‍රිවර්ණ Pomeranian සුනඛයෙක් |
ඉතිහාසය ( History ) :
Pomeranian
ලගේ ඉතිහාසය 16වන ශතවර්ෂයේනුත් එහාට දිව යනවා. ආර්ටික්වල විසු විශාල
ප්‍රමාණයේ working dog විශෙෂයකින් Pomeranian ලා පැවත එනවයි කියලයි විශ්වාස
කරන්නෙ. කෙසේ වෙතත් උතුරු පොලන්තයත්, ජර්මනියත් අතර පිහිටලා තියෙන
පොමරෙනියා පළාතෙදි වර්තමානයේ අපි දකින Pomeranian ලාව අභිජනනය කරා කියලා
සලකනවා. Pomerania කියන පළාතෙ නමින්ම තමයි මේ සුනඛ වර්ගය නම් කරලා
තියෙන්නේ.
වර්ෂ 1767දි බ්‍රිතාන්‍යයේ තුන්වන "ජොර්ජ්" රජුගේ බිසව වු "චාර්ලට්" රැජිණ පොමරේනියන් සුනඛයන්
දෙදෙනෙක් බ්‍රිතාන්‍යට ආනනයන කරලා තියෙනවා. මේ සමගම Pomeranian
සුනඛයන් ඇතිකිරිම බ්‍රිතාන්‍ය තුළ විශාල වශයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා.
මුල් කාලයේ පොමරේනියන් සුනඛයන වර්තමානයට වඩා ශරිරයෙන් විශාල වෙලා තියෙනවා. ඒ
වගෙම මුල් කාලයේ ඉදලා තියෙන්නෙ සුදු,දුඹුරු,කළු යන වර්ණවලින් පමණයි.
නමුත්
අපි ඉහත කියපු "චාලට්" බිසවගේ මිනිබිරිය වුන "වික්ටෝරියා" රැජිණ
පොමරෙනියන්ලාගේ ප්‍රමාණය හරි අඩකින් කුඩාවන ලෙස අභිජනනය කරලා තියෙනවා. ඒ
වගෙම විවිධ වර්ණවල පොමරෙනියන්ලාත් අභිජනනය කරලා හදුන්වලාදිලා තියෙනවා. ඒ
විදියට තමයි. වර්තමාණයේ අපි දකින Pomeranian ලා බිහිවුනේ. බලාගෙන ගියාම
මෙයාලා නිකම්ම සුනඛ විශෙෂයක් නෙමෙයි.. රැජිණක් හදුන්වා දිපු රාජකීය විශෙෂයක්.
අංග ලක්ෂණ / appearance :
දිගු ලොම සහිතයි, කෙටි ලෝම හා දිගු ලොම ලෙස පවතින දිත්ව ලෝම කබාය, හිවල් මුහුණ,
වර්ණ / color :
වර්ණ විශාල ප්‍රමාණයක් ඇති සුනඛ වර්ගයකි. සුදු, කළු, දුඹුරු, රතු,
තැඹිලි, ක්‍රීම්, නිල්, කළු සහ ටැන්, දුඹුරු සහ ටැන්, සහ විශාල වර්ණ
සංඛ්‍යාවක් දැකිය හැක
පුහුණු කිරිම/ training :
පහසුවෙන්ම පුහුණු කළ හැකි සුනඛ වර්ගයකි.
ව්‍යායාම / exercise :
ඔනෑම සුනඛ වර්ගයකටම මෙන් Pomeranian හටද ව්‍යායාම අවශ්‍යය වේ. නමුදු
ප්‍රමාණයෙන් කුඩා සහ ක්‍රියාශීලි විශෙෂයක් බැවින් විශාල ලෙස ව්‍යායාම
අවශ්‍ය නොවේ. දිනපතා ඇවිද්දවිමට ගෙන යෑම හෝ පිට්ටනියක් වැනි ස්ථානයක
නිදැල්ලේ දුව පැන ඇවිදිමට ඉඩලබාදිම සුදුසුය. දිවිමට, ක්‍රිඩා කිරිමය
ප්‍රියතාවක් දක්වන වර්ගයකි
සුදු පැහැති Pomeranian පැටවෙක් |
ප්‍රශ්ණ සහ පිළිතුරු ( Questions And Answers )
Q.කුඩා දරුවන් සමග Pomeranian සුනඛයන් ඇතිකළැ හැකිද?
A
. ඔව්. කුඩා දරුවන් සමග හොඳින් හැසිරේ. නමුත් සුරතල් සතුන් ගැන අවබෝධයක්
නොමැති වයසක දරුවෙක් නම් ඔබගේ අධික්ෂණය යටතේ පමණක් දරුවාට සුරතලා හා
හැසිරිමට ඉඩදිය යුතුය. ප්‍රමාණයෙන් කුඩා විශේෂයක් බැවින් දරුවන් විසින්
සුරතලා හිංසනයට ලක්කිරිමට ඉඩඇති අතර එවිට සුරතලාද බේරිම සදහා ප්‍රථිචාර
දැක්විමට ඉඩඇත.
Q.Pomeranian සුනඛයන් අනෙකුත් සුරතලුන් සමඟ ඇතිකළ හැකිද?
A. ඔව්. ඔනම සතෙක් සමග ඉතා හොඳින් ඇතිකළ හැකියි. නව සතුන් හදුන්වාදිමේදි ඔබේ අධික්ෂණය යටතේ හදුන්වා දියයුතුය.
Q. Pomeranian සුරතලෙක් වඩාත් ගැලපෙන්නෙ කාටද?
A. අඩු ඉඩකට ගැලපෙන සුරතලෙක් සොයන අයට, ක්‍රියාශීලි සුරතලෙක් සොයන අයට, ආදරණිය සුරතලෙක් සොයන අයට.
Q. Pomeranian ලා හදන්න ලොකු වියදමක් යනවද?
A. නැහැ. කුඩා විශේෂයක් බැවින් අහාර සදහා දැරිය යුතු වියදම අවම වේ. අනෙකුත් වියදම් සාමන්යයි.
Social Plugin